Wednesday, February 20, 2013

පරිගණක වර්ගීකරණය

පරිගණකය යන වචනය  ඇසෙන විට System unit, Monitor, Key Board, Mouse... යනාදියෙහි චිත්ත රුපය අපට මැවෙනු ඇත. ඒ අපට නිරන්තරයෙන් දක්නට ලැබෙන උපාංගයන් නිසාය. නමුත් මෙම පරිගණකයන් විවිධා කාරයෙන් අපට වර්ග කල හැක. එම වර්ග කිරිම් සදහා පදනමක් ද යොදාගත යුතුවේ. එම වර්ග කිරිම සහ පදනම පහත පරිදි වේ.

         වර්ග කිරිම                                   පදනම

  • පරම්පරාව අනුව                    තාක්ෂණය
  • ප්‍රමාණය                                විශාලත්වය
  • ක්‍රියාකාරිත්වය                       දත්ත වල හැසිරීම

පරම්පරාව අනුව වර්ග කිරීම

  • පළමු පරම් පරාව (1st Generation) 1940-1956
මෙම පරම්පරාවේ පරිගණක නිෂ්පාදනයේදි තාක්ෂණික මෙවලම් ලෙස වැකුම් ටියුබ් (vacuum tube)  උපයොගිකරගෙන තිබේ. මෙය 1946 දි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලය මගින් නිෂ්පාදනය කර ඇත.

  • දෙවන පරම්පරාව  (2nd Generation) 1957-1963
මෙම පරම්පරාවේ පරිගණක නිෂ්පාදනයේදි ට්‍රාන්සිස්ටර් (Transistor)  උපයෝගි කරගෙන ඇත. මෙම තාක්ෂණික මෙවලම් වැකුම් ටියුබ් හා සංසන්දනය කිරිමේදි ප්‍රමාණයෙන් කුඩාවේ.
  • තෙවන පරම්පරාව  (3rd Generation) 1964-1971
මෙහිදි පරිගණක නිෂ්පාදනය සදහා අයි.සී (IC) Integrated Circuits  උපයොගි කරගෙන ඇත. IC ක් මගින් Transistor විශාල සංඛ්‍යාවකින් සිදුකරන කාර්යන් ඉටුකරනු ලැබේ.
  • සිව්වන පරම්පරාව( 4th Generation) 1971 -මේ දක්වා
මෙහිදි LSI (Large Scale Integrated)  හෙවත් මයික්‍රො ප්‍රොසිසර් (Micro Processor)  උපයොගි කරගෙන ඇත. වර්ථමානයේ පරිගණක නිෂ්පාදනය සදහා ද භාවිතා කරනු ලබන්නේ මෙම තාක්ෂණයයි.
  • පස්වන පරම්පරාව  (5th Generation)
මෙහිදි හෙවත් AI කෘතීම බුද්ධිය (artificial Intelligence)  උපයෝගි කරගෙන ඇත. මෙය පරිගණක තාක්ෂණයේ මහත් පෙරලියක් විය.

පරම්පරාව අනුව වර්ග කිරීම



  • Main Frame Computer (මේන් ‍ෆෙරේම් කොම්පියුටර්)
  • Super Computer (සුපර් කොම්පියුටර්)
  • Mini Computer (මිනි කොම්පියුටර්)
  • Micro Computer (මයික්‍රෝ කම්පියුටර්)

ක්‍රියාකාරිත්වය අනුව වර්ග කිරිම

  • Analog Computer (ඇනලොග් කම්පියුටර්)
  • Digital Computer (ඩිජිටල් කමිපියුටර්)
  • Hybrid Computer (හයිබ්‍රිඩ් කම්පියුටර්)

No comments:

Post a Comment

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස