Wednesday, February 20, 2013

පරිගණකය සතු විශේෂ ලක්ෂණ

පරිගණකය අප විසින් සැම කාර්යක් සදහාම බහුල වශයෙන් භාවිත් කරනු ලබන්නේ මෙය මගින් කාර්යන් ඉටුකර ගැනීම පහසුවන නිසාය. මෙය කාර්යන් ඉටුකර ගැනීම සදහා දක්වන හැකියාවන් මෙහි වි‍ශේෂ ලක්ෂණ ලෙස හදුන්වනු ලැබේ. එම හැකියාවන් පහත් පරිදි වේ.

  • වේගවත් බව 
පරිගණකයේ වේගය රදාපවතින ප්‍රධාන කොටස වන්නේ CPU  (Central Processing Unit) හෙවත් Processor එකයි. මෙහි වේගය මනින කුඩාම ඒකකය ලෙස Hz හර්ඩ්ස් හැදින්විය හැක. Processor වේගයන් සදහා උදා: Pentium 3.00 Ghz, Dual core 2.8 Ghz
  • මතකය
පරිගණකයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස මතක තබා ගැනීමේ හැකියාව හැදින්විය හැක.පරිගණකයේ මතකය රදා පවතින කොටස් ලෙස RAM, Hard Disk ආදිය හැදින්විය හැක. මතකය මනින කුඩාම ඒකකය ලෙස Bite හැදින්විය හැක. ධාරිතා  චක්‍රය පහත දැක්වේ
8 Bite        = 1 Byte
1024 Byte = 1 Kb
1024 Kb   = 1 Mb
1024 Mb   = 1 Gb
1024 Gb   = 1 Tb
  • නිවැරදි තාවය
පරිගණකය 100% නිවැරදිව ක්‍රියාත්මක වන යන්ත්‍රයක් ලෙස හැදින්විය හැක. එසේත් නැතිනම් Data Output  100% නිවැරදිව ක්‍රියාත්මකවේ. මෙහි වැරදි සිදුවීමට  user ලබාදෙන දත්තයන්හි දොෂයක් හෝ පරිගණක වයිරසයක බලපෑමක් හේතු විය හැක.
  • බහු කාර්ය යන්ත්‍රයක් වීම
බහු කාර්ය යුන්ත්‍රයක් යනු එකවර කාර්යන් 1ට වඩා වඩි සංඛ්‍යාවක් ඉටුකරගත හැකි යන්ත්‍රයන්ය. පරිගණකයද මේ ගනයට අයත්වේ. 

2 comments:

  1. දිගටම ලියන්න අපි හැමෝටම ප්‍රෙයෝජනවත් ලිපි පෙළක් වෙවි.

    ReplyDelete

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස